ෆේස් බුක් එකේ අපි දාපු රික්වෙස්ට් ඔක්කොම එකපාර අයින් කරගමු Cancel All Facebook Friend Request in one click - Tech_Sinhalen

Tech_Sinhalen

අන්තර්ජාලයේ වෙබ් අඩවි කොපමණ තිබුනත් ලංකාවේ අපිට අපේ භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවි ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙම නිසා සිංහල බ්ලොග් එකකින් අප සතු දැනුම ලකාවේ ඔබත් සමග බෙදාගන්න තැනක් තමයි මෙතන. අන්තර්ජාලය, පරිගණකය, වෙබ් ඩිසයින්, ඩිවෙලොපින්,ඩිසිග්න් වගේ ගොඩක් කේෂේත්‍ර ඔස්සේ ලිපි ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. ස්තුතියි...

Place Your Banner Here

wikunum classified market

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, September 19, 2017

ෆේස් බුක් එකේ අපි දාපු රික්වෙස්ට් ඔක්කොම එකපාර අයින් කරගමු Cancel All Facebook Friend Request in one click


සියලු දෙනවෙඅම ආයුබෝවන් කියල පිලිගන්නවා!!!  ඔන්න අපේ බ්ලොග් එකේ පළවෙනිම පොස්ට් එක විදියට මම ඔයාලට අරගෙන ආවා වටිනා ලිපියක්. අපේ ගොඩක් අයට FB එකේ මේ කරදරේට මුහුණ දෙන්න වෙලා ඇති. මම මේ  ලියන්න පළවෙනිම හේතුව තමයි මටත් මේ දේට මුහුණ දෙන්න උනා. ඉතින් මන් එ වෙලාවේදී හොයාගත්තු දේ ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ හදන්නේ.

                                අපි FB  එකේ එක දිගට ගොඩක් Friend Request දාගෙන ගියාම අපි දාපු request සම්පුර්ණ ගාන, එ කියන්නේ අපේ account එකෙන් අපි request දාපු අය accept නොකරපු ගණන 1000 කට වැඩි නම් ෆේස්බුක් ආයතනය විසින් අපේ friend request දන එක තාවකාලික නතර කරනවා. ඉතින් එහෙම කලාම අපිට එ වෙලාවට අවශ්‍යම කෙනෙක්ව වත් ඇඩ් කරගන්න බැරි වෙනවා.

                                            මේකට කරන්න තියෙන එකම විසදුම තමයි අපි දාපු එත් එ අය accept නොකරපු රික්වෙස්ට් අපි අපහු Cancel කරන එක. එත් මේක වෙන්නේ අපි දාපු රික්වෙස්ට් 1000 පැනපුවමනේ ඉතින් ඔයාලට තේරෙනවනේ අපිට අපි එහෙම දාපු 1000ම මතක නැනේ. මතක තිබුනත් එක ගොඩක් වෙලායන එපාවෙන වැඩක්නේ ...අන්න එ නිසා මම එකට ලේසි විදියක් හොයා ගත්තා. හැබැයි මේක තව කොච්චර දවසක් කරන්න පුළුවන් වෙයිද කියල නම් අම දන්නේ නැහැ. මොකද මේ වගේ ඒවා කරනවට ෆේස්බුක් කම්පනිය කැමති නැහැ. එයාල දැනගත්තම මේ bug fix කරනවා...කොහොම උනත් මෙහෙමයි වැඩේ කරන්නේ.


  • මුලින්ම ඔයාලගේ profile එකට ලොග් වෙන්න .
  • ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එකට යන්න -https://m.facebook.com/friends/center/requests/outgoing/#friends_center_main
  • එ ලින්ක් එකෙන් යන්නේ ඔයාගේ facebook එකේ mobile සයිට් එකට.
  • එක ලෝඩ් උනාට පස්සේ ඔයාට පෙන්නයි ඔය දල තියෙන රික්වෙස්ට් ටික .
  • අපි දැන් කරන්න ඕනි ඔයාලගේ browser එකේ developer tools වලට යන්න ඕනි. මේක ගන්න විදිය එක එක බ්‍රව්සර් එකෙන් බ්‍රව්සර් එකට වෙනස් වෙනවා .
  • මම වැඩ කරන්නේ crome  වලින් මේකේ නම් යන්නේ උද දකුණු කෙලවරේ තියෙන තිත් 3 icon එක ඔබල එකේ more  tools කියන option එකට ගිහිල්ල එකේ තියෙන developer tools කියන එක...







  • අනික් browser වල ගන්න විදිය ඔයාලට බලාගන්න පුළුවන් ගුගල් එකෙන්...
  • ඔන්න හරි දැන් ඔයාලට එකට ගියාම ඕපන් වෙන window එකේ තියෙන Console කියන ටැබ් එකට යන්න ...( පහත රුපය බලන්න ) එකට ගිහිල්ල මේ විදියට මේ පහල තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්න ...

var inputs = document.getElementsByClassName('_54k8 _56bs _56bt'); 
 for(var i=0; i<inputs.length;i++) { 
 inputs[i].click(); 
 }


මේ රුපය බලන්න 

මේ විදියට උඩ තියෙන කෝඩ් එක දාලා එන්ටර් කරන්න...

  • එතකොට ඔයාලට පෙනෙයි.  ඔයාලගේ ෆේස් බුක් එකේ අර දාලා තිබුන රික්වෙස්ට් කැන්සල් වෙලා තියෙනවා එත් තම වැඩේ හරි නැ. මොකද ඔයාලට ලිස්ට් එක පහලට බලන් යද්දී පෙනෙයි ඔයාට පෙනිච්ච ටිකේ හිටපු අයගේ රික්වෙස්ට් ටක විතරයි cancel වෙලා තියෙන්නේ කියල. 
  • මේකට කරන්න ඕනි ෆේස්බුක් පිටුව ආයේ refresh කරලා එ ලිස්ට් එකේ පහලටම යන එක ... එකේ පහලටම ගිහිල්ල ඔක්කොම ලෝඩ් උනාට පස්සේ අර විදියට කෝඩ් එක දල එන්ටර් කරන්න වැඩේ හරි...



පොස්ට් එකෙන් ඔයාලටත් වැඩක් උනා නම් මතක ඇතුව හරි වැරදි අඩුපාඩු ප්‍රශ්න හැමදේම කමන්ට් කරලා යන්න මොකද මේ වගේ වැඩක් කරද්දී ඔයාලගේ ප්‍රතිචාර තමයි අපිට තියෙන ලොකුම සතුට. 

තවත් කෙනෙක්ට මේ දේ ඉගෙන ගන්න share කරන්නත් අමතක කරන්න එපා ....


එහෙනම් සුබ දවසක් ඔයාල හැමෝටම....ඊලග ලිපියෙන් හමුවෙමු ......








    No comments:

    Post a Comment

    Post Top Ad

    Responsive Ads Here