HTML සිංහලෙන් පොස්ට් සීරියස් එක - 01 - html sinhalen - What is HTML? - Tech_Sinhalen

Tech_Sinhalen

අන්තර්ජාලයේ වෙබ් අඩවි කොපමණ තිබුනත් ලංකාවේ අපිට අපේ භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවි ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙම නිසා සිංහල බ්ලොග් එකකින් අප සතු දැනුම ලකාවේ ඔබත් සමග බෙදාගන්න තැනක් තමයි මෙතන. අන්තර්ජාලය, පරිගණකය, වෙබ් ඩිසයින්, ඩිවෙලොපින්,ඩිසිග්න් වගේ ගොඩක් කේෂේත්‍ර ඔස්සේ ලිපි ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. ස්තුතියි...

Place Your Banner Here

wikunum classified market

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, September 19, 2017

HTML සිංහලෙන් පොස්ට් සීරියස් එක - 01 - html sinhalen - What is HTML?

ඔන්න මම අද HTML සිංහලෙන් පොස්ට් සීරියස් එකේ පලවෙනි පාඩම අරන් අවා සරලව තේරෙන සිංහලෙන්. ඔයාල ඔක්කොම සාදරයෙන් පිලිගන්නවා එහෙනම් වැඩේට බහිමු. මම අද මේ පොස්ට් එකෙන් කියාදෙන්න යන්නේ HTML කියන්නේ මොකද්ද කියල මේ ගැන පොඩි හැදින්වීමක්දි හැන්වීමක් විතරයි. ඔය වෙබ් ඩිසයින් වලට අලුත් නම් මේක පටන්මේ ගන්න කලින් මේ පොස්ට් එකත් පොඩ්ඩක් කියවල එන්න මේ ලින්ක් එකට ගිහිල්ල. 

WHAT IS HTML ? HTML කියන්නේ මොකද්ද ?


  • HTML කියන්නේ සරලවම කියනවා නම් web අඩවි නිර්මාණය කරන්න යොදා ගන්න භාෂාවක්. 
  • HTML කියන වචනයේ තේරුම Hyper Text Markup Language කියන එකයි.
  • මේක Programming භාෂාවක් නෙමෙයි. මේක හදුන්වන්නේ Markup භාෂාවක් විදියට.
  • web අඩවි වල වියුහය නිර්මාණය කරන්න මේක යොදා ගන්නවා.
  • මේ HTML කෝඩ්ස් ලියන්නේ Tags සහ elements යොදාගෙන.
  • මෙම HTML Tags තුල ඇති විදාන මගින් වෙබ් පිටු වල content නිර්මාණය කරන අතර මෙම Tags අපට Browser වලින් පෙන්වන්නේ නැත.

අපිට HTML වලින් වැඩ කරන්න මොකද්ද ඕනි වෙන්නේ?  

  • අපිට HTML කෝඩ් එකක් ලියන්න පිටින් කිසිම මෘදුකාංගයක් විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ නැ.
  • මේ සදහා අපිට අපේ පරිගණකයේ තියෙන NOTE PAD එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම කරදරක් නැතුව. ( Start > Programs > Accessories > Notepad)
  • එත් මේ වැඩ ලේසි වෙන්න එක එක පාට දාල, grid lines එහෙම දාලා, එක අකුරක් ගහද්දි අවශ්‍ය කේතය Suggest වෙන විදියට හදපු සොෆ්ට්වෙයාර් එහෙමත් තියෙනවා
  • එහෙම අවශ්‍යතාවයක් නැති කෙනෙක්ට අවම සුදුසු කම විදියට note pad එක හොදටම ප්‍රමාණවත්.
  • එහෙම නැත්නම් අපිට npp++ / Atom / වගේ සොෆ්ට්වෙයාර් එකක් ගන්නත් පුළුවන්.

htm tags කියන්නේ මොනවද ? what is html tags ?
  • අපි html විදාන ලියන්නේ මේ tag ඇතුලේ.
  • tag ලියන්නේ මෙහමයි. 
                        <tagname> Content goes here....</tagname>
  • මේක තමයි html tag එකක මුලිකම ආකෘතිය.
  • පහත රුපය බලන්න.


විශේෂ ලක්ෂණ - 
  • මේකෙදි අපි tag එකක් ඇරියොත් එහෙම අනිවාර්යෙන්ම එක වහන්න ඕනි.
  • එ කියන්නේ tag එකක් අරින කේතය ලියන්නේ < > අතරයි. 
  • tag එක වාහන කේතය ලියන්නේ </> අතරයි. (ඉහත රුපය)
  • පහත උදාහරණය බලන්න.
 <!DOCTYPE html>
<html>
<head>
<title>Page Title</title>
</head>
<body>

<h1>My First Heading</h1>
<p>My first paragraph.</p>

</body>
</html>


  • ඉහත සදහන් උදාහරණයට අනුව<html> කියන්නේ tag එකක්. <head> කියනේ තව tag එකක් . <title> කියන්නේ තවත් tag එකක්. 
  • ඔයාලට දැන් පේනවා ඇති දෙවැනි පේලියේ <html> කියන tag එක ඇරලා තියෙනවා. අන්තිම පේලියේ </html>විදියට එක වහල තියෙනවා.
  • <head> කියන tag එක ඇරලා සහ </head>ලෙස එක වහල තියෙනවා. 

මන් හිතනවා දැන් ඔයාලට html කියන්නේ මොන වගේ දෙයක්ද කියල දල අදහසක් එන්න ඇති දැන්. 

මේ <> සලකුණු දෙක ඇතුලට අපිට ඕනි ඕනි වචන දාලා tag හදන්න බැ. මේවට සම්මත tags තියෙනවා. 

අපි ඊලග පාඩමෙන් බලමු එහෙම තියෙන ටැග්ස් මොනවද සහ ඒවායින් මොනවද වෙන්නේ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල. 

හැමෝටම සුබ දවසක් ඔයාලගේ අදහස් පහලින් කමන්ට් කරගෙන යන්න. අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් කරන්න. තව අයටත් දැනගන්න share කරන්න. එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙමු. අපේ දෙවැනි පොස්ට් එක බලන්න මෙතනින් යන්න...

html sinhalen , html , web design , 

3 comments:

Post Top Ad

Responsive Ads Here