ඔන්න මේ තමයි CSS පාඩම් මාලාවේ පලවෙනි පාඩම. මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ CSS කියන්නේ මොකද්ද කියල ඔයාලට හදුන්වල දෙන්න. මුලින්ම කියන්න ඕනි ඔයාලා css ඉගෙන ගන්න එන්නේ html ඉගෙනගෙන නෙමෙයි නම් මුලින් html ඉගෙනගෙන එන්න . මේක උඩ ඔබලා html පාඩම යන්න.
What is CSS ???
- Cascading Style Sheets කියන එක තමයි කෙටියෙන් CSS කියන්නේ.
- CSS වලින් තමයි වෙබ් පිටුවක තියෙන html elements කොයි විදියට පෙන්න ඕනි කියල හදන්නේ.
- CSS භාවිත කරනවා වෙබ් පිටුවක Layout එක නිර්මාණය කරන්න.
CSS වලින් අපිට මොනවද කරන්න පුළුවන් ?
- අපිට පුළුවන් වෙබ් සයිට් එකක layout එක ඩිසයින් කරන්න.
- එක එක පාටවල් දන්න.
- හැඩතල , Text Effect වගේ දේවල් දාන්න , image effect දාන්න , Shadows වගේ ගොඩක් දේවල්.
- කොටින්ම කියනවා නම් අපි අපේ වෙබ් පිටු ලස්සන කරන්නේ මේකෙන්.
CSS භාවිත කරන්නේ කොහොමද ?
- Web site එකකට CSS කෝඩ් එකක් ලබා දෙන ක්‍රම 3ක් තියෙනවා.
- වෙනම පිටුවක් ලෙස පිටින් සම්බන්ද කිරීම. (මෙහිදී අපි මෙම කේත ලියනු ලබන්නේ .css කියල format එකක ෆයිල් එකක.)
- html කේත ගොනුවේම වෙනම ඉඩක් ලබාගෙන <style>...</style> යන tag 2 ඇතුලත.
- html කේත පේලියේම css කේත ලිවිම.
(මේ ගැන ඉදිරි ලිපි වලදී පැහැදිලි කරන්නම් එතකොට දැන් නොතේරෙන දේවල් තේරෙයි. මේ පොස්ට් එකෙන් මන් බලාපොරොත්තු උනේ css කියන්නේ මොකද්ද කියල කියන්න විතරයි)
                                 මේක සරලවම තේරෙන සිංහලෙන් කියනවා නම් අපි වෙබ් පේජ් එකක අන්තර් ගතය අපි හදන්නේ html කියන language එක පාවිච්චි කරලා. එහෙම හදාගන්න අන්තර් ගත දේවල් මේ දේ මෙතයි තියෙන්න ඕනි , මේක මේ පාට වෙන්න ඕනි කියල හදාගන්නේ css වලින්. උදාහරණයක් විදියට - මාතෘකාව පිටුවේ මැදට එන්න ඕනි, එක රතු පාට වෙන්න ඕනි එ වගේ  අපි අපේ වෙබ් පිටුවේ අන්තර්ගත දේවල් ලස්සන කරගන්නේ මේ css වලින්. 
                 දැන් ඔයාලට මේ css ගැන යම් අවබෝදයක් එන්න ඇති මේකෙන් වෙන්නේ මොකද්ද කියල. මේකෙත් අපිට ඕනි ඕනි විදියට කෝඩ් ලියන්න බෑ.... සම්මත විදියක් තියෙනවා . අන්න එ සම්මත විදිය ගැන මම ඔයාලට ඊලග පාඩමෙන් කියාදෙන්නම්... 
         පොස්ට් එක හොදනම් අනික් අයටත් බලන්න share කරන්න , අපේ ෆේස්බුක් පිටුවත් තියෙනවා ඔය අයිනේ එකටත් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමන්ට් කරන්න. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු . සුබ දවසක්...
 


 

 
 
 
 
 
 
 
 

 Hello, my name is Shashika Prabath. I'm a Founder at wikunum.com.
Hello, my name is Shashika Prabath. I'm a Founder at wikunum.com. 
ඉතුරු පෝස්ට් ටික දාන් නැද්ද...ඉක්ම්න්ට දාන්න බ්‍රෝ.
ReplyDeleteKO ITHURUVA.HOYAGANNA BANE
ReplyDeleteMalika good job thanks a lot
ReplyDelete