මේ ලිපිය කියවන හැමෝම අනිවාර්යෙන්ම අන්තර්ජාලයේ එක එක වෙබ් අඩවි දැකල ඇති. සමහර විට ඔයත් හිතල ඇති
"මේවා කොහොම හදනවද මන් දන්නෑ" ,
"ඕව හදන්නේ අර කෝඩ් ලියලා" ,
"මට නම් ඒවා දකිද්දී පිස්සු හැදෙනවා, මෙලෝ දෙයක් තේරෙන්නෑ"
වගේ දේවල් ඔයාටත් හිතිලා ඇති.
උදාහරණයක් විදියට බලන්න ඔයා ජපන් භාෂාවෙන් ලියපු කොලයක් අතට ගන්නවා. ඔයාට එකේ එක එක සංකේත පේනවා. එත් ඔයාට එකේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඔයා ජපන් භාෂාව දන්නේ නැත්නම්. එත් ඔයා ලාවට හරි ජපන් භාෂාව දන්නවා නම් ඔයාට එක ලාවට තේරෙයි මේකේ මොනවද තියෙන්නේ කියල. ඔයා හොදටම ජපන් භාෂාව දන්නවා නම් ඔයා ගේමක් නැතුව එ කොලේ කියවයි.
මේ වගේ තමයි මේකත්. කෝඩ් කියන්නෙත් භාෂාවල්. ඔයා ඒවා දන්නේ නැතුව ඒවා දිහා බලද්දී පෙන්නේ විකාරයක් වගේ. එත් ඔයාල ඒවා දන්නවා නම් ඔයාලට ඒවා තේරුම් ගන්න පුළුවන්.
ඉතින් මේ බ්ලොග් එකේ බලාපොරොත්තුව අන්න එ වගේ කෝඩ් පිටුවක් දැක්කම ඔලුව විකාර වෙන අයට මුලක ඉදන් මේවා කියාදෙන්න.
මේක අවසානයේ ඔයාට ඔයාගේ අතින්ම වෙබ් අඩවියක් හදාගන්න තැනට යනකල් මේක පාඩම් දාන්න මම බලාපොරොත්තු වෙනවා....
ඉදිරියේදී මේවා කරන විදිය ප්‍රයෝගිකව වීඩියෝ මගින් දැමීමටද බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් අපි බලමු වෙබ් අඩවියක් කියන්නේ මොකද්ද කියලා...
what is web site?
වෙබ් අඩවියක් කියන්නේ වෙබ් පිටු ගණනාවක් එකතු වෙලා හැදෙන තොරතුරු ගොනුවක් කියල හිතන්නකෝ. දැන් මොකද්ද මේ වෙබ් පිටුවක් කියන්නේ... ඔයා මේ බලන් ඉන්නේ වෙබ් පිටුවක් දිහා තමයි. මේ වගේ පිටු ටිකක් එකතු උනාම එක වෙබ් අඩවියක්.
කොහොමද අර කෝඩ් ටිකකින් මේ වගේ එකක් පෙන්නේ?
වෙබ් පිටුව හදන කෙනා කේත වලින් එක එක විදාන දීල මේ පිටුව ලියනවා. එ කේත ඔයාගේ මේ වෙබ් browser එකට කියවන්න පුළුවන්. ඉතින් එයා ඒවා කියෝලා එකේ විධාන (අර කෝඩ් ) පෙන්නන්නේ නැතුව ඒවායෙන් දීල තියෙන විදාන ටිකට අනුව වෙබ් පිටුවේ අන්තර්ගතය ඔයාට පෙන්නනවා.
මේවා කොහෙද තියෙන්නේ ?
වෙබ් අඩවියක් හදල එක අපේ කම්පියුටර් එකේ තියන් හිටියට ඒවා මෙහෙම අන්තර්ජාලයෙන් බලන්න බෑ. අපි ඒවා server එකකට දන්නා ඕනි. ඉතින් මේ වෙබ් සයිට් තියෙන්නේ server වල.
අපිට ඕනි නම් අපේ පරිගණකය උනත් මේ විදියට server එකක් කරගන්න පුළුවන්. එත් එක කරන එක අමාරු වැඩක් සහ ලොකු වියදමක් යන වැඩක්. අන්න එ නිසා මේ web hosting සේවා සපයන ආයතන තියෙනවා. අපිට සුළු මුදලක් ගෙවල ඒවායේ අපේ වෙබ් අඩවිය පහසුවෙන්ම තැම්පත් කරන්න පුළුවන්.
දැන් බයවෙන්න එපා අපිට මේවා ඉගෙන ගන්නත් සල්ලි දීල එහෙම ගන්න ඕනිද කියලා. නෑ අපිට ඕනි තරම් වෙබ් පිටු වෙබ් සයිට් අපේ පරිගණකයේම හදල අපේ සාමාන්‍ය අන්තර්ජාලට යන web browser එකෙන්ම බලන්න පුළුවන් ... එත් ඔයාට විතරයි.
මේවා හදන භාෂා මොනවද?
ඇත්තටම කිවුවොත් මේවා හදන්න භාෂා ගොඩක් තියෙනවා. එත් අපි මේකෙදි කතා කරන්නේ.
- html , css , java script , php යන භාෂාවල් විතරයි.
අපි දැන් බලමු මේ භාෂා වලින් මොකද්ද වෙන්නේ කියල...
- html කියන භාෂාවෙන් තමයි අපි අපේ වෙබ් පිටු වල අන්තර්ගතය හදන්නේ. අන්තර්ගතය කියන්නේ මේ පෙන්න තියෙන අකුරු වගේ දේවල්. වෙබ් පිටුවේ අන්තර්ගත වෙලා තියෙන දේවල් අපි ලියන්නේ html වලින්.
- css කියන්නේ අපි මේකෙන් තමයි html වලින් ලියන අන්තර් ගතය ලස්සන පට දාලා එක එක විදියට layout එක හදාගෙන ලස්සන කරගන්නේ.
- java script වලින් තමයි ගොඩක් වෙලාවට ඇනිමේෂන්, තව අර ෆෝම් වල Validation එහෙම කරගන්නේ එ කියන්නේ... ඔය දැකල ඇති අපෙන් e-mail එක ඉල්ලන එකක අපි අතින් වැරදිලා @ ලකුණ miss උනොත් එක රතු පාට වෙලා හරි මොකක් හරි වැටිලා එක වැරදි කියල හරිගස්සන්න කියනවා අන්න ඒවා තමයි ෆෝම් validation කියන්නේ...
- php අපි පාවිච්චි කරන්නේ අපි යොදන දත්තයක් data base එකකට එහෙම යවාගන්න... data base එකක තියෙන දත්තයක් අපේ පිටුවක පෙන්නන්න. එ වගේ ඒවාට.
අපි හැමෝම පාවිච්චි කරන ෆේස්බුක් වෙබ් අඩවියත් හදල තියෙන්නේ ඔය php කියන භාෂාවෙන් එ කියන්නේ අපේ තොරතුරු database වලට pass කරන්නේ php භාෂාවෙන්. ඊට පස්සේ එක ඔය නිල් පාටට කරලා icon එහෙම දාල ලස්සන කරලා තියෙන්නේ ඔය css වලින් , ඔකේ තියෙන අකුරු අපිට පෙන ඒවා තියෙන්නේ html වලින් , ඊට පස්සේ පොඩි පොඩි ඇනිමේෂන් වගේ දේවල් තියෙන්නේ java script වලින්...තව ඉතින් එක එක ඒවා යොදාගෙන තියෙනවා මන් ඒවා ගැන මේකෙදි කතා කරන නැ මොකද අපි මේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්නේ මේ 4 ගැන විතරක් නිසා.
ඇත්තටම කිවුවොත් වෙබ් ඩිසයින් වලට ගන්නේ html,css,java script විතරයි මේවයින් , අපි php යොදාගන්නේ වෙබ් අඩවිය develop කරන්න .
වෙනස් වෙන් ලෝකයේ අලුත් තාක්ෂනයන් එක්ක දැන් මේ වැඩ ඔක්කොම ලේසි වෙන්න fremwork හදල තියෙනවා. css & js වලින් හැදුනු මේ වගේ fremwork එකක් තමයි boostrap කියන්නේ. php වලින් හදපු එකක් තමයි codeigniter කියන්නේ. මේවා පාවිච්චි කරල අපේ වැඩ කරගන්න හරිම ලේසි. fremwork එකක් කියන්නේ මොකද්ද කියල මම කියන්නේ නෑ එක ඔයාලට ගුගල් එකෙන් බලාගන්න පුළුවන්. කොහොම උනත් මේවා පාවිච්චි කරන්න මේ කලින් කියපු භාෂාවල් ගැන දැනුම අවශ්‍යයි. එ නිසා මුලින්ම අපි ඒවා ඉගෙන ගන්න ඕනි.
මන් හිතනවා ඔයාලට මේ වෙබ් ඩිසයින් ගැන යම් අවබෝදයක් එන්න ඇති දැන්. මේ ගැන කියනවා නම් අද දවසම උනත් මදි ඉතින් මන් හිතන්නේ දෙයක් කරන්න පටන් ගන්න කලින් තමන් කරන දේ මොකද්ද කියන එක හරියට දැනගන්න එක වටිනවා. ඉතින් මේ ගැන තව විස්තර ඔයාලට හොයාගන්න පුලුව විකිපීඩියා එකෙන් ගුගල් එකෙන්. ඒවයෙත් බලන්න තව දේවල් ඉගෙන ගන්න...
එහෙනම් අපි දැන් පටන් ගමු භාෂාවන් ඉගෙන ගන්න . මේ බ්ලොග් එකේ මම html css javascript, php ඔක්කොම ගැන දානවා එත් මේක අච්චාරුවක් කරගන්න එපා පිළිවෙලට යන්න. මුලින්ම html ඉගෙන ගන්න . ඊට පස්සේ css ඊට පස්සේ js අන්තිමට php විදියට එහෙනම් ඔන්න html එකට ඔයාට මේ ලින්ක් එකෙන් යන්න පලුවන්. click here
පොස්ට් එක හොදයි නම් අනික් අයටත් බලන්න share කරන්න. ඔය දකුණු පැත්තේ අයිනේ අපේ facebook ලයික් බොක්ස් එකක් ඇති, ඔය ලයික් කරලා නැත්නම් ලයික් කරන්න. පොස්ට් එක ගැන ඔයාගේ අදහස් යෝජනා චෝදනා දල යන්න පහල කමන්ට් කොටසේ. එහනම් සුබ දවසක් html පාඩමෙන් හමුවෙමු ...




වටිනවා
ReplyDeleteela
ReplyDeleteනියමයි ඈ නියමෙට කරලා තියනවා.අනිත් බ්ලොග් වල කියන මෙලෝ දෙයක් තේරුන් නෑ හැබැයි මේකෙ ඒවා හොදට තේරුනා..වටිනවා ඈ❤️
ReplyDeleteGOOD
ReplyDeleteHmm godak hodha wadak mama godak than walata giya eth me tharam hodata therune naa
ReplyDelete